සංචාරක පක්ෂීන්ගේ ප්‍රධානම නවාතැන්පොළක් සහ අභිජනන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන මන්නාරම කෝරකූල්ලම් තෙත් බිම තුළ පිහිටි කඩොලාන ගලවා දමමින්, ප්‍රාදේශීය දේශපාලඥයන් විසින් ජනතාවට ඉඩම ලබාදෙමින් තිබෙන බව තෙත් බිම උරුමය සුරැකීම සංවිධානය සඳහන් කරයි. මීට අමතරව මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහකට අයත් තෙත්බිම සංචාරක පක්ෂීන්ගේ නවතැන් වී තිබෙන බවත්, මේ සියලුම ස්ථානවල කඩොලාන ශාක ගලවා දමා ඉඩම් ජනතාවට බෙදාදෙමින් සිටින බවත් එම සංවිධානයේ ප්‍රධාන ලේකම් කැලුම් තුෂාර මහතා සඳහන් කළේය. තෙත් භූමියක හෝ පාරිසරික වටිනාකමක් ඇති භූමියක යම් කටයුත්තක් සිදුකරන විට ඒ පිළිබඳව පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කළ යුතු වුවත්, ඒ කිසිදු කටයුත්තක් සිදුනොකර තෙත්බිම් වල කඩොලාන විනාශ කර දමා ඉඩම ජනතාවට ලබාදෙන බවද හෙතෙම පවසා සිටියේය. මෙහිදී කෝකූල්ලම් තෙත් බිම මෙරට සහ විදේශීය පක්ෂීන් නිරීක්ෂණය කරන පරිසරවේදීන්ගේ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ලෙසටත් සැලකෙන බවද තුෂාර කැලුම් මහතා සඳහන් කළේය.