සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා එම අතීත රජවරුන් හා මුතුන් මිත්තන් කළ කාර්ය භාරයේ දිගුවක් ලෙස එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය හැඳින්විය හැකි බවත් සම්බුද්ධ ශාසනයේ පවතින අඩුපාඩු සකස් කිරීමටත් එහි විධිමත් භාවය ඇති කිරීමටත් අවශ්‍ය සංගායනාවක් පැවැත්වීමට මේ හොදම කාලය බව පුජ්‍ය දඹර අමිල හිමියෝ පැවසුහ . විහාර දේවාලගම් පනත සම්පූර්ණයෙන්ම නිශ්කාෂණය කර සඟසතු දේවල ක්‍රමය මත පදනම් ක්‍රමවේදයක් ඇතිකළ යුතු බවත්, උන්වහන්සේ අවධාරණය කළහ. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමිල හිමියෝ මෙම කරැණු අනාවරණය කළහ.