සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ අරමුණින් ථෙරවාදී භික්ෂු කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ මහනායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවේ අවසන් තීරණය ලබා ගැනීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව හෙට(10දා) මහනුවර අස්ගිරි හා මල්වතු විහාරයන්හිදී මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු බුද්ධ ශාසන අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කතිකාවතක් පැවැත්වීමට නියමිතය.
භික්ෂූන් වහන්සේලාගේ ධර්ම විනයට පටහැනි නොවන පරිදි කටයුතු කිරීමට වගබලා ගැනීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.