අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපති ලෙස ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත් කර ඇති අතර එම ධූරය පිළිබද අක්තපත්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (19දා) පෙරවරුවේදී ජනාධිපති නිල නිවසේදී ඒ සංගක්කාරට පිරිනැමිය.
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඇතුලු එහි සාමාජිකයින්ද කුමාර සංගක්කාර මහතාගේ බිරිද ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.