ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙන්ම හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට පසුගියදා කරනු ලැබූ චෝදනා පිළිබඳව සෙවීමට ඒකපුද්ගල කමිටුවක් පත්කරන බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවැසීය.
සිය ධුරයෙනි නිලවශයෙන් පසුගියදා වැඩභාරගැනීමෙන් අනතුරුව ඔහු පවසා සිටියේ පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කරුණු රැසකට ක්‍රීඩා ක්ෂේත්රය ලක්වී තිබූ බවත්, විශේෂයෙන් වංචා, දූෂණ හා අක්‍රමිකතා සිදුවූ බවට කටකතා තිබෙන බවත්ය.
කෙසේ නමුත් තොරතුරු ලැබූ පමණින් තමන් කිසිවෙකුට නිකරුණේ ඇඟිල්ල දික්කිරීමට අකමැති බවද පවසා සිටියේය. ඒ අනුව එවැනි අක්‍රමිකතා සිදුවුණේ කෙසේද යන්න සෙවීමට කමිටුවක් පත්කරන බව එදින පවසා සිටියේය.
ඒ අනුව එම කමිටුව ඊයේ පත්කරනු ලැබීය. තිදෙනෙකුගෙන් යුත් එම කමිටුවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ධර්මසේන දිසානායක මහතා පත්කර ඇත. භාණ්ඩාගාරයේ හිටපු නියෝජ්‍ය ලේකම් (මෙහෙයුම්) නමසිවායම් පද්මනාදන්, රාජ්‍ය සේවා අධ්යක්ෂ රුස්ලි හුසේන් එහි සෙසු සාමාජිකයෝ වෙති.
පසුගිය කාලවකවානුවේ සිදුවී ඇති අක්‍රමිකතා සොයාබැලීමට ක්‍රීඩා අමාත්‍යාංශය හා සංචාරක අමාත්‍යාංශය යටතේ තිබෙන සියලුම ආයතනවල කරුණු කාරණා සෙවීමට මෙම කමිටුවට අවසර ලැබෙන බව අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.