කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් හා මහේල ජයවර්ධන යන ක්‍රීඩකයන්ට ආදේශ ක්‍රීඩකයන් සොයාගත නොහැකි බවත්, ඔවුන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඇතිවන හිඩැස පිරවීම සඳහා තරමක් කල් ගත වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කරයි.
ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කරන අතර දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න වැනි ක්‍රීඩකයන් ලංකාවට සිටින බවත් ඔවුන් තම වගකීම් උපරිම අයුරින් ඉටුකරන තෙක් ඉවසයි යුතු බවත් ඔහු සඳහන් කරයි.