පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන හයවැනි එක්දින තරගයේදී තම 20 වැනි එක්දින ශතකය වාර්තා කිරීමට කුමාර් සංගක්කාර මීට සුළුවේලාවකට පෙර සමත්විය. ඔහු මෙම ක්‍රීඩාංගණයේ වාර්තා කළ පළමු එක්දින ශතකයද මෙය වෙයි.
ලෝක කුසලාන තරගාවලියෙන් පසු සංගක්කාර ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගනු ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වන අතර, ඒ හේතුවෙන් ඔහු මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩාකරන අවසන් එක්දින තරගයද මෙය වනු ඇත.