හංගේරියාවේ සිට යුරෝපය වෙත පැමිණෙන සිරියානුවන් ප්රමුඛ සංක්‍රමණිකයන් සම්බන්ධ නීති ලිහිල් කිරීමත් සමග ඔස්ට්‍රියාව හා ජර්මනිය වෙත තවත් දහස් ගණන් සංක්‍රමණිකයන් පැමිණෙනු ඇත.
සෙනසුරාදා දිනය වනවිට, බස්, දුම්රිය හා ඇතැම් විට පා ගමනින්ද සංක්‍රමණිකයන් ඔස්ට්‍රියානු දේශසීමා වෙත පැමිණ තිබුණු අතර, ඉන් බහුතරය සිරියානුවන් වූහ. ඔවුන් වියානා, මියුනිච් හා තවත් ජර්මානු නගර තම ගමනාන්තය කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියි.
ඒ අනුව, මෙම සරණාගතයන් වෙනුවෙන් ඔස්ට්‍රියාව හා ජර්මනිය තවත් දුම්රිය පිටත්කර හරිනු ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම සරණාගත අර්බුදය සම්බන්ධයෙන් අද (06දා) දිනයේදී ජර්මානු රජය පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
දින ගණනාවක් විවිධ මතගැටුම් මධ්‍යයේ හංගේරියාවේ දේශසීමාවන්හි නවත්වනු ලැබ සිටි මෙම සංක්‍රමණිකයන් සඳහා දේශසීමා විවෘත කිරීම සිදුවූයේ ඔවුන් වෙත ඔස්ට්‍රියාවට යෑමට අවස්ථාව ලබාදෙමිනි. එහිදී, දුම්රියට ගොඩවීමට අවසරයක් නොලැබුණු සංක්‍රමණිකයන් ඔස්ට්‍රියාව වෙත පා ගමනින්ම ගමන් ඇරඹීය.
ඔස්ට්‍රියානු බලධාරීන් පෙන්වාදෙන පරිදි ගත වූ පැය 48ක කාලය තුළ 10,000කට අධික සංක්‍රමණික පිරිසක් එරට දේශසීමා තරණය කර ඇත. කෙසේ වෙතත්, මෙසේ පැමිණෙන පිරිස පාලනය කිරීමට ඔවුන් පියවරක් ගෙන නොමැති බව ඔස්ට්‍රියානු බලධාරීහු පවසති.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)