යුරෝපයේ සරණාගතභාවය පතා පැමිණ හංගේරියාවේ බුඩාපෙස්ට් දුම්රිය ස්ථානයේ රඳවා සිටින සිය ගණනක් වූ සංක්‍රමණිකයන් ඔස්ට්‍රියාවේ වියානා නුවරට පයින්ම ගමන් අරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.
බටහිර යුරෝපය සිය ගමනාන්තය කර ගනිමින් පැමිණි මෙම සංක්‍රමණිකයන් ෂෙන්ගන් හෙවත්, වීසා අවශ්‍යතාවක් නොමැති යුරෝපා කලාපය හරහා දුම්රියෙන් ගමන් කිරීමට පැමිණියද ප්‍රබල යුරෝපා රටවල බලපෑමෙන් ඔවුන් මෙසේ හංගේරියාවේදී නවතාලනු ලැබිණි.
කෙසේ වෙතත්, යුරෝපයට බලවත් තර්ජනයක් වී ඇති සරණාගත අර්බුදය පිටුදැකීමට මේ වනවිට යුරෝපා සංගමය තුළද පොදු එකඟත්වයක් නොමැති බව විදෙස් වාර්තා පවසයි.
එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ වූ ඒජන්සිය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින්නේ අවම වශයෙන් සරණාගතයන් ලක්ෂ 200,000ක් වත් සිය රටවලට ගැනීමට උපරිම ශක්තිය ගත යුතු බවයි.
කෙසේ වෙතත්, බුඩාපෙස්ට් සිට වියානා වෙත කිලෝ මීටර් 240ක පමණ දුර ප්‍රමාණයක් පවතින බවත්, මෙය කිසිසේත්ම පහසු ගමනක් නොවන බවත් විචාරකයෝ පවසති.
හංගේරියාවේ රැඳී සිටින සංක්‍රමණිකයන්ගෙන් වැඩි පිරිස සිරියාවේ සිට පළා ආ පිරිසකි. 2011 සිට සිරියාවේ පවතින සිවිල් යුද්ධයත්, IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ඝාතන රැල්ලත් ඔවුන් මෙසේ විදේශයන්හි සරණාගත බව පැතීමට හේතු වී තිබේ.