(UPDATE) ප්‍රධාන මුස්ලිම් රාජ්‍යයන් නවයකින් පැමිණෙන සංක්‍රමණිකයන් ඇමෙරිකාවට ඇතුළුවීම වළක්වමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නවතම විධායක නියෝගයකට අත්සන් කර තිබේ.
එහිදී, ට්‍රම්ප් අත්සන් කළ මෙම නව විධායක නියෝගයේදී මීට පෙර ලැයිස්තුවේ පැවති ඉරාකය එම ලැයිස්තුවෙන ඉවත් කර ඇත.
එමෙන්ම, නීත්‍යනුකූල වීසා සහිත සරණාගතයන්ට ඇමෙරිකාවට ඇතුළු වීමට මෙවර අවස්ථාව හිමිවීමද විශේෂත්වයකි.
විදෙස් වාර්තා පෙන්වාදෙන පරිදි මෙවර විධායක නියෝගයේදී සියලුම සරණාගතයන් සඳහා දින 120ක තහනමක් එළැඹෙන මාර්තු 16 වැනිදා සිට ආරම්භ වන බව කියැවෙයි.
මීට පෙර ජනපති ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝගය එරට ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබුණේ ඇමෙරිකාව පුරා ගුවන් තොටුපොළවල පැවති දැවැන්ත විරෝධතා ව්‍යාපාරය මූලික කරගෙනය.
කෙසේ වෙතත්, මෙවර නව විධායක නියෝගයේදී ඉරානය, සිරියාව, සෝමාලියාව, සුඩානය, යේමනය ආදී රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන්ට දින 90ක සංචාරක තහනමක් පැනවීමට නියමිතය.
එනමුදු, මෙවර නියෝගයේදී දැනටමත් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සරණාගතයන් ලෙස ඇමෙරිකාවට ඇතුළු වීමට අවසර ලබාදී ඇති පිරිස් වෙත නිදහස් සංක්‍රමණයට අවස්ථාව සලසා ඇත. මීට අමතරව, වසරකට ඇමෙරිකාව වෙත ඇතුළු කරගන්නා සරණාගතයන් සංඛ්‍යාව 50,000කට සීමා කර ඇත.
මේ අතර, මෙම නව නියෝගයේදීද සිරියාවෙන් පැමිණෙන සියලුම සරණාගතයන් වෙත සම්පූරණ තහනමක් පනවා තිබේ.
කෙසේ වෙතත්, අදාළ රටවලින් පැමිණෙන ග්‍රීන් කාඩ් හිමියන් වෙතද මෙම තහනම බල නොපැවැත්වෙන අතර, එකී රටවල සිටින සුළුතර ආගමිකයන්ට විශේෂ ප්රමුඛත්වයක් ලබාදීමද මෙවර විධායක නියෝගයේදී දැකිය නොහැකි වීමද විශේෂත්වයකි.