ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස සංක්‍රමණිකයන් යැවීමේ ජාවාරමට හවුල් ජාවාරම්කරුවන් හතරදෙනෙකු ඊයේ (06දා) ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනුලැබීය.
සැකකරුවෝ නිලවේලි, කුඹුරුපිටිය, චීන වරාය ප්‍රදේශවල පදිංචි අය වෙති.
පොලීසියට ලද තොරතුරු අනුව එක් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු සෙසු තිදෙනා අත්අඩංගුවට පත්වී තිබේ.
ත්‍රිකුණාමලය -චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව