කාත්තන්තුඩි ප්රදේශයේ මැතිවරණ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ගිය මඩකලපුව සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පහරදීමට තැත් කළ කාත්තන්කුඩි නගර සභාවේ හිටපු නගරාධිපති ශාවුල් හමීඞ් මුහම්මදු අස්ෆර් හා නැගෙනහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ති්ර කලන්දර් ලෙබ්බේ මුහම්මදු ෆරීඞ් යන අය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
අද (06දා) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර ඔවුන් අද දින මඩකලපුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.