චීනයේ ෂැංහයි, හැංග්කිආඕ ගුවන් තොටුපොළේ භූගත මහලේ අති වූ ගින්නකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පීපල්ස් ඩේලි පුවත්පත වාර්තා කරයි.
එරට වේලාවෙන් අද (29දා) උදෑසන 7.00 ට පමණ මෙම ගිනි ගැනීම සිදුව ඇති අතර, ගුවන්තෙටු පොළ පර්යන්තයක භූගත මහලේ අලුත්වැඩියා කටයුත්තක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බවද කියයි.
කෙසේ වෙතත්, මෙම අනතුරින් පසුව ගුවන්තොටුපොල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව එම ගුවන් තොටුපොළ බලධාරීහු පවසා තිබේ.
කෙසේ වෙතත්, මෙම ගිනි ගැනීමෙන් ගුවන් තොටුපොළට සිදුවූ හානිය සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමක් සිදුවී නොමැති බවද විදෙස් වාර්තා පවසයි.