ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සඳහා එහි මධ්‍යම කාරක සභාව අද (14) රැස්වීමට නියමිතය
වත්මන් නිලධාරී මණ්ඩලය ඊයේ රැස්වීමෙන් පසු මෙම තීරණය ගත් බව මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
ඊට අමතරව මධ්‍යම කාරක සභාවේදී සිය ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් වැදගත් තීරණ රැසක් ද ගනු ලබන බව අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා වැඩිදුරයත් පැවසීය.