ශ්රීපාදස්ථානයට වෙත විදුලිබලය ලබාගැනීම සඳහා සූර්ය බලශක්තිය යොදාගැනීමට අවශ්‍ය සුර්ය පැනල ලබාදිමට විදුලිබල හා පුනර්ජනනීය බලශත්ති අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
ශ්‍රීපාදස්ථානය සඳහා සූර්ය බලශක්ති පද්ධති පද්ධතියක් ලබාදීමට අදාළ සහතික පත්‍රය සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් අද දින ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වෙත බාරදෙන ලදී.
මෙම අවසර පත්‍රය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා විසින් මැදින් පුන් පොහෝ දින (12දා ) ශ්‍රී පාද මහ මළුවේ දී ශ්රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් වෙත බාරදීමට නියමිතය.
ජාතික රූපවාහිනී සංස්ථාවේ සම්බන්ධීකරණය යටතේ මෙම සුර්ය බලශක්ති පද්ධතිය සවිකරණු ලැබේ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන, අධ්යක්ෂ ජනරාල් තුසිර මලව්වතන්ත්රී, ශ්‍රීපාද සමන් දේවාලයේ භාරකාර සුනිල් ශාන්ත වීරසේකර මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.