ශී‍්‍ර ලංකාව සහ රුසියාව අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතාව තහවුරු කරමින් ජනසන්නිවේදන ක්ෂේත්රය පිළිබඳ සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගිය 11 වැනිදා සිදුකෙරිණි.
ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව සහ රුසියානු ජනරජය වෙනුවෙන් විදුලිසංදේශ සහ ජනසන්නිවේදන අමාත්‍ය නිකොලේ නිකිෆොරොව් යන මහත්වරුන් විසින් රුසියාවේ, මොස්කව් නුවරදී අත්සන් තබන ලදී.
ස්වාධීනත්වය, ජාතික ස්වෛරීභාවය, සමානාත්මතාව සහ අනෙකුත් රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම යන මූලධර්ම මත පදනම්ව දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය සවිමත් කිරීමේ අරමුණින් මෙම ගිවිසුමට එළඹ ඇත.