ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථාන දෙකක් වාර්තා කළ කෑගල්ල මාකූර කණිෂ්ඨ විද්‍යාලයේ කවිෂ්ක වනිගසේකර සහ මාවනැල්ල උස්සාපිටිය ශ්‍රී සුමංගල කණිෂ්ඨ විද්‍යාලයේ මෙලනි විජේසිංහ යන සිසු දරුවන් දෙදෙනා සඳහා සබරගමුව පළාත් සභාව මගින් රුපියල් ලක්ෂය බැගින් ලබා දීමට කටයුතු කරන බව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පවසයි.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (07දා) රත්නපුර පළාත් සභා සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා පැවසූයේ මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 196 බැගින් ලබා දිවයිනේ ප්‍රථම ස්ථානය ලැබූ පළාතේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාමටත් දිවයිනේ සෙසු දරුවන් අධ්‍යාපනය සදහා උනන්දු කිරීමටත් මෙම මුදල් පරිත්‍යාග කරන බවයි.
අචිනි ඉන්ද්‍රසේන