මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,870කදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා අපේක්ෂකයන් 335,585 ක් පෙනීසිටීමට නියමිතය.
ශිෂ්‍යත්ව විභාගය ඉරිදා පැවැත්වීමට නියමිත අතර, එදින පෙ.ව. 9.30 සිට 10.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රයටද, පෙ.ව. 10.45 සිට 12.00 දක්වා දෙවැනි ප්‍රශ්න පත්‍රයටද පිළිතුරු සැපයිය යුතුය.
ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පැය 24 ක් පුරා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497 ක් ක්‍රියාත්මක අතර, ශිෂ්‍යත්ව විභාගය අවසන් වනතුරු උපකාරක පන්ති පැවැත්වීම, සංවිධානය කිරීම ආදී ක්‍රියා සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
විභාග අක්‍රමිකතා සිදුකරන පුද්ගලයන් වේ නම් 0112 784 208 / 0112 784 537 / 1911 යන දුරකථන අංකවලට හෝ 119, 0112 421 111 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.