පහවසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් දමන බවට විවිධ ප්‍රකාශ නිකුත් වුවද, විභාග කල් දැමීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාග කල් දමන ලෙසට කිසිදු වගකිවයුතු පාර්ශ්වයක් ඉල්ලීම් කර නැතැයිද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මේ නිසා විභාග කාලසටහනට අනුව නියමිත දින අදාළ විභාග පැවැත්වෙන බවද ඔහු පවසා සිටියේය. විභාග කාලසටහනට අනුව පහවසර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 20 වැනිදාත්, උසස් පෙළ විභාගය අගෝස්තු 08 වැනිදා සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වාත් පැවැත්වීමට නියමිතය. එහි ප්‍රා‘යෝගික පරීක්ෂණ ඔක්තෝබර් 20 වැනිදා සිට නොවැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වේ.