අගෝස්තු මාසයේදී පැවැත්වෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් භාරගැනීම හෙටින් (27දා) අවසන් වන බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අයදුම්පත් භාරගැනීම මාර්තු 10 වැනිදායින් අවසන් වන බවත්, මේ නිසා එම දරුවන් පාසලේ විදුහල්පතිවරයා මාර්ගයෙන් අයදුම්පත් එවිය යුතු බවද ඔහු පවසා සිටියේය.
මෙවර විභාගයද සාමාන්‍ය ක්‍රමයට පවත්වන බවත්, මේ අනුව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් ප්‍රශ්න පත්‍ර දෙකක් හිමිවන බවද හෙතෙම සඳහන් කළේය.