ශ්‍රී ලංකාවේ 43වැනි අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද (28දා) නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ එක් දිනක් සඳහා වැඩ බාර ගනු ලැබීය. ඉන් අනතුරුව අදම අය සිය ධුරයෙන් විශ්‍රාම ගනු ඇත.
පසුගිය රජය ඇයව දෝශාභියෝගයකින් ඉවත්කරනු ලැබීය. මෙය නීතිවිරෝධී බවත්, 44 වැනි අගවිනිසුරු ලෙස මොහාන් පීරිස් මහතා පත්කිරීමද නිතිවිරෝධී බවත් ස්වාධීන අධිකරණයක් සඳහා අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට සිය ධුරයෙන් ඉවත්වන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් යොමුකර ඇති බව නීතීඥ එකමුතුවේ කැඳවුම්කරු ජේ. සී. වැලිඅමුණ මහතා කීවේය.
අගවිනිසුරුවරිය පිළිගැනීම සඳමා නීතිඥ සංගමයේ නිලධාරින් ඇතුළු විශාල පිරිසක් අලුත්කඩේ උසාවි සංකිර්ණයට රැස්ව සිටියහ.
44වැනි අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට සිය ධුරයෙන් ඉල්ලි අස්වන ලෙස බලකරමින් අලුත්කඩේ උසාවි සංකිර්ණය ඉදිරිපිට විරෝධතාවක්ද පැවැතියේය.