හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (01දා) මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබුණද ඇය ඒ සඳහා නොපැමිණියාය.
'සිරිලිය සවිය' නම් සංවිධානයේ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳව ප්‍රකාශ ලබාගැනීම සඳහා ඇය මූල්‍ය විමර්ශන ඒකකයට කැඳවා තිබේ. කෙසේ නමුත් ඇයගේ ආධාරකරුවන් අද උදෑසන සිට මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අසල රැඳී සිටි අතර, පසුව විසිර ගියහ.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබාදුන්නේද නැද්ද යනවග පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.