මීළඟට අත්අඩංගුවට ගන්නේ කවුද කියා ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් නිවැරදිවම දන්නා නිසා ඔවුන් අත්අඩංගුවට පත්වීමට ප්‍රථම ඒපිළිබඳ ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මකව වීම පිළිබඳව තමා සතුටුවන බවත් වැඩිකළ වැට් හා එන්බීටී බදු අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට රජය හිස නමන බවත් මන්ත්‍රීවරයා පැවසූයේ අද (12) සිරිකොත පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය හමුවේදී කීවේය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ පෞද්ගලිකව සතුටක් නැහැ. නීතිය හරි හැටි ක්‍රියාත්මක වීම පිළිබඳව සතුටු වෙනවා. නීතිය කාටත් එක හා සාමානව ක්‍රියාත්මක වීම පිළිබඳ අපි සතුටුවෙනවා. පුහුල් හොරා කරෙන් දැනේ කියනවා වගේ මේ කල්ලියම ඇවිත් කියනවා අද මාව ගන්නවා හෙට මෙයා ගනියි කියලා. ඔවුන්ම දන්නවා මේඅයම තමයි ඊළඟට අහුවෙන්න ඉන්නෙ කියලා යැයි හෙතෙම කීය