ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 දෙක වගන්තිය අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය බල රහිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
132 වගන්තිය අනුව එවැනි තීරණයක් දීමට නම් අවම වශයෙන් විනිසුරුවරුන් තිදෙනකු සිටිය යුතු බවත්, විනිසුරුවරුන් දෙදෙනකුට බලය ඇත්තේ හදිසි ඇපෑලක් විභාගයට ගැනීමේ දී තීරණයක් ගැනීමේ අයිතිය පමණක් බවත් ඔහු කීවේය. කෙසේවෙතත් මේ හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්ණ කිරීමට බාධාවක් නොවන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසුවේ. සිදුවන්නේ අත්අඩංගුවට ගැනිම වැළැක්වීම බවත්ය.
මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසන බවත් අග්‍රාමාත්‍යවරයා අද (15දා) කොළඹදී ප්‍රකාශ කළේය.