ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා නව නිල මඬුල්ල යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව යන ලකුණු පහළ වී තිබේ.
මේ පිළිබඳව එම පක්ෂය දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවද වාර්තා වේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයේ සෙසු හවුල්කාර පක්ෂවල අත්කොලුවක් බවට පත්ව ඇතැයි යන මතය මත මෙම තත්ත්වයට හේතු වී ඇත.
එහෙයින් එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් සන්ධානය බුලත් කොලය යටතේ තරග කරන්නේ ද යන්න කෙරෙහිද යන්න මේ දිනවල හවුල්කාර පක්ෂ මගින් අධ්‍යයනය කරන බව වාර්තා වේ. ඒ සඳහා දැනටමත් නීතිවේදීන්ගේ අදහස් විමසා ඇත.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේදී අකර්මන්‍ය සන්ධානයක් වනු ඇති බවද ප්‍රකාශ වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා විසින් මින්පසු සන්ධානයේ පක්ෂ නොකැඳවීමට පියවර ගැනීමෙන් පවතින සන්ධානය අකර්මන්‍ය වනු ඇති බවද සන්ධානයේ ප්‍රබලයෙක් %අද^ට පැවසීය.