ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය මැයි 07 වැනිදා මඩකලපුවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
මීට අමතරව මැයි පළමු වැනිදා කම්කරු ජනතාව වෙනුවෙන් රටට විශාල සේවයක් සිදුකළ පිරිස් සිහිකිරීමට හා ඇගයීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී විශේෂ උත්සවයක් පැවැත්වීමටද සැලසුම් කර ඇත.
කෙසේ වෙතත් එම පක්ෂය මැයිදින පෙළපාළියක් නොපවත්වා මැයි දින රැලියක් පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ.
සමස්ත මැයිදින සැමරුම් කටයුතු සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර ඇත.
මඩකලපුවේ පවත්වන මැයි දින රැලියේ කටයුතු රාජ්‍ය අමාත්‍ය එච්.එම්. හිස්බුල්ලා මහතා ඇතුළු කණ්ඩායමට පවරා තිබේ.