පක්ෂයේ විනය කඩකරමින් එක්සත් ජාතික පෙරමුණෙන් තරග කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් 05 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිකර දැමීමට සහ ශ්‍රීලනිප අමාත්‍යවරුන්ට සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට අවස්ථාව ලබාගැනීම සඳහා මේ සතිය තුළදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වීමට අද (27දා) දිනය යොදාගෙන තිබුණත් එය හෙට (28දා) උදේ 9.00 ට හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවද පවසා සිටියේය.
%රටට පණදෙමු අලුතින් පටන් ගමු^ යන තේමාව යටතේ මෙම ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වෙන අතර, එය හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටත් සැලසුම් කර ඇත.
මධ්‍යම කාරක සභාව තුළදී පක්ෂ විනය කඩකළ සාමාජිකයන් 05 දෙනාගේම පක්ෂ සාමාජිකත්වය අහෝසිකර දැමීමට නියමිතය.
මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයකට අනුව අමාත්‍ය ධුර ලබාගෙන තවමත් අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්නොවූ ඇමතිවරුන් ඉල්ලා අස්වන බවට මෙහිදී ප්‍රකාශ කිරීමටද සැලසුම් කර තිබේ.