ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශිෂ්ට ජයක් අත්කරගැනීම සඳහා ලබන මාසයේ සිට පක්ෂයේ ආසන මට්ටමින් පවතින සියලුම ගැටලු විසඳීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා ඇමෙරිකානු සංචාරය අවසන් කර ලංකාවට පැමිණි වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව කැඳවීමට සැලසුම් කර ඇති අතර, එහිදී ගන්නා තීන්දු තීරණ මත අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට සැලසුම් කර ඇත.
සමස්ත ලංකා කාරක සභාව තුළදී ගන්නා තීන්දු මත දුර්වල ආසන සංවිධායකවරුන් ඉවත්කර වැඩ කළහැකි පිරිස් ආසන සංවිධායකවරුන් ලෙස පත් කිරීමටද සැලසුම් කර තිබේ.