අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුළ ඊයේ (31දා) අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතින් නිරාවරණය කළ සමරු ඵලකයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර නැගෙනහිර සංවිධායක ලෙස නම්කර ඇතැයි වාර්තා වෙයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අලුතින් ඉදි කෙරුණු නව සූර්ය බලශක්ති පද්ධතිය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ සුරතින් ඊයේ (31දා) විවෘත කෙරුණු අතර රෝහල් භූමියේදී අමාත්‍යවරයා අතින් නිරාවරණය කෙරුණු සමරු ඵලකයේ, මෙසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක ජාතික පක්ෂ නැගෙනහිර අනුරාධපුර සංවිධායක ලෙස නම් කර තිබුණි.