2007 වසරේදී සෞදි ජාතිකයෙකු ඝාතනය කිරීමේ හා මංකොල්ලකෑමේ චෝදනාවකට වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට අද (17දා) මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබෙන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය අද වාර්තා කළේය.
ඕමාර් යසීන් සහීඩ් නම් සෞදි ජාතිකයා ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකු හා තවත් විදේස් ජාතිකයක් දෙදෙනෙක් සෞදි ආරක්ෂක අංශ විසින් අත්අංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 2008 වසරේදී ශ්‍රී ලංකා ජාතිකයන් තිදෙනෙකුට මරණ දඩුවම දුන් බවත්, අනෙක් තිදෙනාට කස පහර දී සවුදියෙන් පිටුවහල් කළ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.මෙම මරණ දඩුවම ඉවත්කර ගැනිම සඳහා ශ්‍රී ලංකාව නොයෙකුත් ක්‍රියාමාර්ග ගත්තත් එහි වෙනසක් සිදු නොවූ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
වරදකරුවන්ට මරණ දඬුවම මේ වසරේ මුල භාගයේදී සිදු කිරීමට නියමිතව තිබුණත් ශ්‍රී ලංකාව අඛණ්ඩව කළ ඉල්ලීම් හි ප්‍රතිඵලයක් හේතුවෙන් එය තරමක් ප්‍රමද වූ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් පසුගිය 18දා ලිපියක් මගින් මෙම මරණ දඩුවම ඉවත්කර ගැනිමට කටයුතු කළ බවත් නමුත් එයින්ද පළක් නොවූ බවත් අද දිනයේදී ශ්‍රී ලාංකිකයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබෙන බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.