ශ්රී ලංකාවද ඇතුළත්ව දකුණු ආසියාවේ රටවල් හතකට අනෙක්තු ජනවර්ග හා සාපේක්ෂව කුඩා අවධියේදී වැඩි වශයෙන් හෘද රෝග වැළදීමේ හැකියාවක් තිබෙන බව වාර්තාවකින් හෙළිව තිබෙ.
Stanford South Asian Translational Heart Initiative නැමැති වාර්තාවේ මෙම කරුණු ඇතුළත් අතර එය Stanford Health Care නම් ආයතනය විසින් සකස්කොට තිබේ.
දකුණු ආසියාවේ කාන්තාවන්ට වඩා පිරිමින්ට වැඩි වශයෙන් හෘද රෝග ඇතිවීමේ අවධානමක් තිබෙන බවද එම වාර්තාවෙයි.
එසේම සමස්ථ ජනගහනය හා සැසඳීමේදී ඔවුනට වඩා හතර ගුණයකින් දකුණු ආසියානු ජනතාවට හෘද රෝග වැළදිමේ අවධානමක් තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වෙයි.
ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින හා ශ්රී ලංකාව එසේ අවධානයෙන් පෙළෙන රටවල් වන අතර තවත් දකුණු ආසියානු රටක්වන ඇෆ්ගනිස්තානය එයට ඇතුළත් නොවේ.
දකුණු ආසියානු පුද්ගලයෙකුගේ වයස් සීමාව අවුරුදු 50ට පෙර හෘද රෝග වැළදීම සඳහා වැඩි අවකාශයක් පවතින බවද එම වාර්තාවේ සඳහන් වෙයි.
දකුණු අසියානු පුද්ගලයන්ට වැඩි වශයෙන් හෘද රෝග වැළදීම සඳහා හේතු පහක් ඔවුන් ඉදිරිපත් කොට තිබේ.