තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති බව විදේශ කටයුතු ආරංචි මාර්ග පවසයි.
2007 වසරේ යේමන් ජාතිකයෙකු ඝාතනය කිරීම සහ සොරකම් යන චෝදනා මත මෙසේ සෞදි අධිකරණයක් මගින් මරණ දණ්ඩනය නියම කර ඇත.
එකී මරණ දඬුවමට අදාළ අභියාචනය පසුගිය දෙසැම්බර් මස 15 වැනිදා සෞදි අරාබියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට ඇත. ඒ අනුව මෙකී තිදෙනා මරණ දණ්ඩනයට යටත් කිරීමට නියමිත අතර, ඒ අවස්ථාවේ හෝ ඔවුන් බේරාගැනීමට හැකිදැයි යන්න සොයාබැලීමට විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි ප්රයත්නයක යෙදී සිටියි.