තම ශරීරයට ගිනි තබාගත් ශ්‍රී ලාංකීය සරණාගතයෙකු 90% ක පිළිස්සුම් තුවාල සහිතව ඔස්ට්‍රේලියාවේදී මියගොස් ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ශරීරයට පෙට්ට්‍රල් වත්කර ගැනීමෙන් ඔහු මෙම ගිනි තබාගැනීම සිදුකර ඇති බවත්, දරුණු පිළිස්සුම් තුවාල සහිතව ඔහු මියගොස් ඇති බවත් වැඩිදුරටත් කියැවෙයි.
29 හැවිරිදි ලියෝ සීමන්පිල්ලේ නැමති මොහු තමන්ව නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ඇති බවට බියෙන් මෙසේ ගිනිතබා ගෙන ඇති බව එරට දෙමළ සරණාගත කවුන්සිලය පවසන බවද කියැවෙයි.
ඔහු 2013 ජනවාරි මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ ජීවත් වී ඇති පුද්ගලයෙකි.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු ආගමන අමාත්‍යවරයා මෙම පුද්ගලයාගේ මරණය තහවුරු කර ඇති අතර, ඔහු වික්ටෝරියා ප්‍රාන්තයේ, ගීලෝන්ග් හි වාසය කර ඇති බවද පවසයි.
එරට දෙමළ සරණාගත කවුන්සිලයේ ප්‍රකාශක ආරන් මයිලවාගනම් පවසා සිටින්නේ, තමන් මාස 13ක සිට මොහු පිළිබඳ දන්නා බවයි.
තමන්ව නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ඇති බවට ඔහු බියෙන් පසු වූ බවත් මයිලවාගනම් පවසා ඇති බව කියැවෙයි.
මේ අතර, මියගිය පුද්ගලයාගේ දෙමවුපියන් ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වන බවත්, ඔවුන් මොහුගේ මරණය ඇසීමෙන් විමතියට පත්ව ඇති බවත් විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කරයි.