එල්.ටී.ටී.ඊ. සංවිධානය හා ශ්රී ලංකාව රජය අතර වසර තිහක පැවැති යුද්ධය හා එය සාමයෙන් විසඳා ගැනීම සඳහා නොර්වේ රජය ගත් ක්රියාමාර්ග අලලා පොතක් එළිදැක්වීමට කටයුතු කොට තිබේ.
මෙම පොත සැප්තැම්බර් මාසයේදී එළි දැක්වීමට නියමිත බව නෝවේ හිටපු සාම නියෝජති එරික් සොල්හයිම් මහතා පවසයි. මෙහිදී තායිලන්තය, ජපන්, නෝර්වේ, ජර්මනිය හා ස්විට්සර්ලන්තය යන රටවල්හි පැවැති සාමසාකච්ඡා පිළිබඳව තොරතුරු ඇතුළත් කොට තිබේ.