ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් 58ක් දුම්කොළයට බිලි
දුම්පානය සහ දුම්කොළ භාවිතය නිසා ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් 58 දෙනෙකු පමණ මරණයට පත්වන බව ප්‍රජා දන්ත සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත අමරසිංහ මහතා පැවසීය.
විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (19දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය අමරසිංහ මහතා,
“ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවකිනුයි මේ බව පෙන්වාදී තිබෙන්නේ. ලංකාවේ වාර්ෂිකව පුද්ගලයන් 21,000ක් දුම්කොළ නිෂ්පාදන නිසා මිය යනවා. ලෝකය ගත්තොත් වසරකට පුද්ගලයන් මිලියන 6ක් පමණ දුම්පානය සහ දුම්කොළ ආශ්රිත නිෂ්පාදන භාවිතයෙන් මිය යනවා. ගෙවෙන සෑම තත්ත්පර 6කටම වරක් ලෝකයේ කොහේ හෝ මරණයක් වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාව පසුගිය 2015 වසරේදි රුපියල් බිලියන 209.03ක් වැය කරලා තිබෙනවා දුම්කොළ සහ මද්‍යසාර නිසා ඇතිවන රෝග තත්ත්ව සඳහා. ඒ අනුව මේක සෞඛ්‍ය ගැටලුවක් පමණක් නෙවෙයි. ආර්ථික සහ සමාජීය ප්‍රශ්නයක් බවටත් පත්වී තිබෙනවා.’’ යැයි පවසා සිටියේය.
	
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                