ගූගල් සමාගම වෙනත් විකල්ප පිළිබඳ අවධානය යොමුකිරීමත් සමග ශ්‍රී ලංකාවට යෝජිත ගූගල් ලූන් ව්‍යාපෘතිය අනපේක්ෂිත අවසානයක් පෙන්නුම් කරමින් පවතින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්ද මහතා පවසයි.
අද (16දා) පැවති මාධ්‍ය හමුවක් අමතමින් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා පවසා සිටියේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ ප්‍රමාදයන් මෙන්ම, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පැවති සෘණෘත්මක ආකල්ප හේතුවෙන් ගූගල් සමාගම සිය ලූන් ව්‍යාපෘතිය වෙනත් රටක සිදුකිරීම සඳහා සූදානමින් පසුවන බවයි.