(VIDEO) ශ්රී ලංකාවේ ඇතෙකු සෆාරි මෝටර් රථයක් ඇතළත ආහාර සොයන විඩියෝවක් එංගලන්තයේ ඩෙිලිමේල් වෙබ් අඩවිය විසින් පළ කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
කෑම සොයා පැමිණෙන අැතා වාහනය ඇතුළ පරීක්ෂා කරන විට එයින් බියට පත්වූ බොහෝ දෙනෙකු කෑ ගසන අයුරු වීඩියෝවේ සටහන් වෙයි.
එක් අවස්ථාවකදි ඇතාගේ දළයක් වාහනයේ අසුනක් පසාරු කරගෙන යයි. කෙසේ වෙතත් ඇතා කිසිවෙකුටත් හිංසනයක් නොකරන අතර දිගින් දිගටම ආහාර සොයයි.
රියදුරට වාහනය පදවාගෙන යන ලෙසට සංචාරයකයන් බියෙන් කෑ ගසුවත් ඔහු එය නොකරයි. පසුව ඇතා වාහනයෙන් තරමක් ඉවත්වූ වහාම රියදුරු වාහනය ධාවනය කරයි.
මෙය වාර්තා කළ ඩේලිමේල් පුවත් සේවය සඳහන් කළේ එය මොහොතකට සංචාරකයන්ගේ හදවත් නතර කළ සිදුවීමක් බවයි. වීඩියෝව 1000කට අධික පිරිසක් නරඹා තිබුණි.