ස්වාභාවික විපත් හේතුවෙන් හානියට පත්වූ නිවාස ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් බොලිවුඩයට ගිය සුපිරි නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඉදිරිපත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
රාජ්‍ය නොවන සංවිධානයක් හා එක්ව ජැකලින් මෙම කටයුතු සඳහා ඉසිරිපත්වීමට නියමිතය. ජැකලින්ගේ මෙම කටයුත්ත සඳහා බොහෝ බොලිවුඩ් නලු නිළියන්ගේද සහාය ලැබී තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ජැකලින්ද මෙම ප්‍රවෘත්තිය තහවුරු කරන තිබෙන අතර නිවාස ඉදිකිරීම් අදියරෙහි තවමත් මූලික මට්ටමේ සිටින බව ඇය සඳහන් කර තිබේ.