ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන බ්‍රිතාන්‍ය ජාතිකයන්ට අදාළ සංචාරක උපදෙස් මාලාව යාවත්කාලීන කිරීමට එංගලන්තය රජය අද (08දා) කටයුතු කළේය.
මෙහිදී ඔවුන් පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ආපදාවෙන් තොර වුවත්, ණය කාඩ්පත් වංචා, මාර්ග අනතුරු, දියේ ගිලීම් මෙන්ම ඩෙංගු උණ රෝගය පිළිබඳව අවධානය යොමුකරන්නැයි එංගලන්ත රජය සඳහන් කරයි.
එසේම ත්රස්තවාදයේ අනතුරක් තිබෙන බවත්, දේශපාලන පෙළපාළි සමහර අවස්ථාවලදී ප්රචණ්ඩ ස්වරූපයට පත්විය හැකි බැවින් එවැනි පෙළපාළි ආසන්නයට යාමෙන් වළකින ලෙසත් ඔවුහු වැඩිදුරටත් පවසති.