තලෙයිමන්නාරම මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදි අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 24 දෙනා අතර සිටි ළමුන් තිදෙනෙකු එළැඹෙන 28 දා දක්වා මන්නාරම අන්නෛයි ළමා නිවාසයේ රඳවා තැබීමට මන්නාරම මහේස්ත්රාත් කේ.ඇලෙක්ස් රාජා මහතා ඊයේ (13දා) නියෝග කරනු ලැබීය.
ඉන්දියාවේ රාමේශ්වරන් ප්රදේශයේ සිට පැමිණි අදාළ ධීවර පිරිස අතර සිටි වයස අවුරුදු 17ක් වූ ඇන්තනි රායප්පු රොනිශරන් සහ කැමිලස් බි්රට්ජෝයි නමැති ළමුන් දෙදෙනෙකු හා වයස අවුරුදු 14 ක් වූ සගායරාජ් මරියරෙමිත් නමැති දරුවෙකු එළෙස ළමා නිවාස භාරයට පත්කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.