එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීම අතරතුර බැන්කී මුන් මහතා හමුවී සිදුකළ සාකච්ඡා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග පැවති සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
අද (06දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිලධාරීන් සමග පැවති හමුවේදි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
මෙම සාකච්ඡාවේදී මෙරට පානීය ජල ව්‍යාපෘති සඳහා අවශ්‍ය පහසුකම් පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර පානීය ජල ගැටලූවලදී ප්‍රධාන වශයෙන් දුප්පත් ජනතාවට මුල්තැන ලබාදී කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.