ශ්‍රී ලංකාවේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට යෝජනාවක් ගෙන ආ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශ්‍රී ලංකාව තුළ කල්පවත්නා සාමයක් ඇති කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් වශයෙන් මෙම යෝජනාව හැඳින්විය හැකි බවද ඔවුහු පවසති.
මෙවැනි යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කිරීම හරහා ශ්‍රී ලංකාව තුළ කල්පවත්නා සාමයක් ස්ථාපිත කිරිමටත්, සමගි සන්ධාන වීමේ කාර්යය මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය හිමිවනු ඇති බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම සියලුම ශ්‍රී ලාංකිකයන් සමග ඇමෙරිකාව සිටින බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.