රට දියුණු කරන්න ආර්ථික සංවර්ධන ප්රාන්ත 45 ක් ඇති කරන බවත් ශ්රී ලංකාවෙන් වාහන අපනයනය කිරිමට අවශය කටයුතු සම්පාදනය කරන බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හාලි ඇළදී ප්රකාශ කළේය. එක්සත් ජාතික පෙරමුණේ හාලි ඇල රැස්වීම අමතමින් අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේය.
“මේ රටේ ආර්ථිකය දියුණු කරලා ආදායම දෙගුණ තෙගුණ කරන්න ඉදිරි අවුරුදු පහේදි රැකියා ලක්ෂ 10 ක් අලුතින් බිහිකරන වැඩසටහන අපි ආරම්භ කරනවා.
ලෝකයේ මෝටර් රථ නිෂ්පාදනයෙන් දෙවැනි තැන හිමි වොක්ෂ්වැගන් සමාගමේ කර්මාන්ත ශාලාවක් කුලියාපිටියේ දානවා. ලංකාවේ වෙළදපොලට මෝටර් රථ නිෂ්පාදනය කිරිමටත් පිටරට යැවිමත් එයින් සිදුවෙනවා.
ජපානයෙන් වාහන ගේන ලංකාව මේ යහ පාලනය යටතේ ලංකාවෙන් පිටරටට වාහන යවන්න යනවා”