මැලේසියාවේ ක්ලාලම්පූර් නුවර සිට ශ්රී ලංකාව බලා පියාසර කළ ගුවන් යානයක් ගුවන් ගමන අරඹා පැය දෙකකට පසු නැවතත් ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළට ගොඩ බස්සවා තිබේ.
www.themalaymailonline.com වෙබ් අඩවිය සඳහන් කරන්නේ ගුවන්යානයේ සිටි මගියෙන් බීමත්ව කළබල කිරීම හේතුවෙන් යානය මෙසේ නැවතත් ආපසු ගමන් ආරම්භකළ බවයි.
එම්. එච්. 179 දරණ ගුවන් යානය මෙසේ ආපසු හරවා තිබෙන අතර පසුව එම්. එච්. 179ඩී දරණ ගුවන්යානයට සෙනඟ එක්කර නැවතත් ගුවන් යානය කොළඹ බලා පියාසර කර තිබේ.
බීමත්ව හැසිරුණු පුද්ගලයා අදාළ අංශ වෙත යොමුකළ බව මැලේසියා ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවැසූ බව ද මැලේ ඔන්ලයින් වෙබ් අඩවිය වැඩි දුරටත් කියයි.