තෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා අතර හමුව අද (06දා) පැවැත්වුණා.
එහිදී පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර වෙළඳාම වර්ෂයකට ඩොලර් බිලියනය දක්වා ඉහළ නංවා ගැනීමට දෙරටේම අවධායනය යොමුව තිබෙනවා.
එකාබද්ධ මාධ්‍ය හමුවේදී පාකිස්තාන අගමැතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අවබෝධතා ගිවිසුම් හයක් අත්සන් කළ බවයි.
සංචාරක, ක්‍රීඩා, නාවික, ආර්ථික සංවර්ධනය, ආපදා කළමණාකරණය හා මත්ද්‍රව්‍ය නිවාරණය යන ගිවිසුම් සඳහා අත්සන් තැබූ බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාකිස්තානයට අසල්වාසී රටවල් සමඟ හොඳ සබඳතා පවත්වාගැනිමට අත්‍යාවශ්‍ය බවත්, එහිදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානය දෙන බවත්ය.
මාධ්‍ය සාකච්ඡාව ඇමතූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ පාකිස්තාන ගුවන්සේවාව නැවතත් කොළඹට සිය ගමන්වාර ආරම්භ කරන ලෙසයි.්
පාකිස්තාන මාධ්‍ය ඇසුරෙනි