මාර්තු මාසයේදී ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වාර්තාව කල් දැමීමට ගත් තීරණය කාලෝචිත බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපති ජොආචිම් රකර් මහතා පවසයි.
ශ්රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් සකස්කළ වාර්තාව මාර්තු මස මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ අතර දේශීය යාන්ත්රණයක් ස්ථාපිත කරන තෙක් එය කල් දමන ලෙස ශ්රී ලංකාව මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කළේය.
කෙසේ වෙතත් මෙම වාර්තාව සැප්තැම්බර් මාසයේදී සමුළුවට ඉදිරිපත් කිරිමට නියමිතය.