මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතීන්ගේ 28වැනි සැසිවාරය සඳහා ශ්රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වාර්තාව, 30 වැනි සැසිවාරය දක්වා කල්දැමීමට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසෙන් මහතාගේ අවධානය යොමුව තිබෙන බව රොයිටර්ස් පුවත්සේවය අද (16දා) වාර්තා කළේය.
ශ්රී ලංකා නව රජය විසින් දිගින් දිගටම එම වාර්තාව කල් දමන ලෙස මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව එම ක්රියාමාර්ගය සාර්ථක වූ බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේය.