ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය ආනයනය මාස හයකට අත්හිටවීමට ජනවාරි මාසයේදී යුරෝපා කොමිසම ගත් තීරණයේ මේ දක්වා වෙනසක් වී නැති බව යුරෝපා කොමිසම සඳහන් කරයි.
ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය ආනනය තහනම් කිරීමට ගත් තීරණය මාස හයකට අත්හිටවූ බවට ධීවර අමාත්‍ය දුලිප් වෙදආරච්චි මහතා සඳහන් කර තිබුණි.
ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු පිළිබඳව යුරෝපා කොමිසම දී ඇති උපදෙස් පිළිපදින්නේ නම් තහනම ඉවත්කිරීමට කටයුතු කරන බවද යුරෝපා සංගමය සඳහන් කරයි.