මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා සූදානමින් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව යාපනයේද සංචාරයක නිරතවීමට සූදානමින් සිටින බව හින්දු පුවත් සේවය සඳහන් කරයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරයෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රි ලංකා සංචාරය සිදු කීරීමට නියමිතය.
1987 වසරෙදී හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙක් ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරයද මෙය වෙයි.