ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය ශ්‍රී ලංකා රජයට විසඳා ගැනිමට හැකි බව චීනය සඳහන් කරයි. චින විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගෙන්ග් ශුආන්ග් මහතා නිතිපතා පවත්වන මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ඊයේ (07දා) ප්‍රකාශ කළේය.
" වාර්තා ගැන අපි දැනුවත්. මෙය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. චීනය විශ්වාස කරනවා ශ්‍රී ලංකා රජයටත්, ශ්‍රී ලාංකිකයන්ට වත්මන් තත්ත්වය හැසිරවීමට හැකියාව තිබෙන බවත් ශ්‍රී ලංකාවේ සමාජ ස්ථාවරත්වය ගොඩනැගීමට අවස්ථාව තිබෙන බවත්. ඒ වගේම අපි බලාපෙරොත්තුවෙනවා ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව ආරක්ෂාව සපයාවි කියා."